ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාර නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ අභියාචනය පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබදව දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
මෙම අභියාචනය ජූලි මස 28 වනදා කැදවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවෙන් පෙත්සම්කරු දැනටමත් ඉවත් කොට ඇති බැවින් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබේද යන්නයි.
එහිදී අදාළ නීතිඥවරුන් දන්වා සිටියේ තම සේවාදායකයාගෙන් ඒ සදහා උපදෙස් ලබා ගත යුතු බවයි. ඒ අනුව පෙත්සම ජූනි 28 වනදා කැදවීමට තීරණය කෙරුණා. එදිනට එය පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබද අධිකරණය දැනුවත් කරන ලෙස නීතිඥවරුන්ට දැනුම් දුන්නා. මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන තිස් තුනයි දශම නවයක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයායි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
The post ඩී ඒ රාජපක්ෂ කෞතුගාර නඩුවට එරෙහි අභියාචනය ජූලි 28 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි appeared first on ITN News.
Post a Comment