පුහුණු ශ්‍රමිකයන් පන් දහසක් බිහි කිරීමට රුපියල් මිලියන අසූවක් වෙන් කර තිබෙනවා. මේ යටතේ දහසකට ඉදි කිරීම් පුහුණුව නොමිලේ ලබාදීමට අරමුණ.
අනුරාධපුරයේ ගල් කුලමේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණා. ඒ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති සොහාන් විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රම සිකුරු,නිපුණ ශක්තී සහ සයනි යනුවෙන් ව්‍යාපෘති තුනක් මේ යටතේ ආරම්භ කර තිබෙනවා. ශ්‍රම සිකුරු අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. පුහුණුව ලැබූවන් සුදුසු රැකියා සදහා යොමු කිරීම ද ව්‍යාපෘතියට අයත්.
The post පුහුණු ශ්‍රමිකයන් 5000 ක් බිහි කිරීමට මිලියන 80 ක් වෙන් කෙරේ appeared first on ITN News.
Post a Comment