Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට  

Add comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

The post ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG