Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අගමැති කළ යෝජනාව 5 වනදා පාර්ලිමේන්තුවට  

Add comments

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරීතිවල අඩුපාඩුකම් හදුනා ගැනීම සදහා විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාව ලබන 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එදින සභාව කල් තැබෙන අවස්ථාවේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසන්නේ. අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වනවා. කතානායකවරයා තේරීම් කාරක සභාව පත්කිරීමෙන් පසු මාස හයක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සදහන් වනවා. දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ මෙන්ම නීතිරීතිවල අඩුපාඩු හදුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීමයි.

 

 

The post විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අගමැති කළ යෝජනාව 5 වනදා පාර්ලිමේන්තුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG