අලුත් අවුරුද්දත් සමඟ සමහරු තමන්ගෙ ආදායම වැඩි කරගන්න විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. උත්සව කාලයට කුකුල් මස් මිල ඉහළ යන නිසාදෝ සමහර කුකුල් මස් ව්‍යාපාරිකයන් කූට විදිහට මිල වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රජය කුකුලු මස් කිලෝ 1ක් රුපියල් 600කට වැඩියෙන් විකිණීම නතර කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන් පවසනවා. එහෙත් රුපියල් 400 ක උපරිම මිලකට කුකුල් මස් කිලෝ 1ක් සතොසින් ගත හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍යයට කියාසිටියා.
කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සහ අලෙවිකරන්නන්ගේ සංගමය සමග රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සාකච්ඡා කර තිබෙනවා.
පිටකොටුව කුකුල් මස් ව්‍යාපාරිකයන්ගෙන් වර්තමානයේ වෙළදාම හා මිල ගණන් පිළිබද අප විමසීමක් කළා.
කුකුල් මස් මිල ගණන් පිළිබද මාධ්‍යවේදීන් අද දිනයේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන්ද ප්‍රශ්න කළා.
The post කුකුලු මස්වල උපරිම මිල රු. 600ක් කරද්දී සතොසින් රු. 400ට appeared first on ITN News.
Post a Comment