Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැරිබියන් දූපත් ආශ්‍රිත සුෆියෙරා ගිනිකන්ද පුපුරයි  

Add comments

කැරිබියන් දූපත් ආශ්‍රිත සුෆියෙරා ගිනිකන්ද පුපුරාගිය බව වාර්තාවනවා.

කැරිබියන් දූපත් ආශ්‍රිත සෙන් වින්සන්ට් දිවයිනේ පිහිටි මෙම ගිනිකන්ද දශක ගණනාවක් නිද්‍රාගතව පැවතුණා. පසුගිය දෙසැම්බර් මාසයේ සිට ලාවා සහ දුම් පිටකරමින් අවස්ථා කිහිපයකදී ගිනිකන්ද සක්‍රිය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගිනිකන්ද අවට ප්‍රදේශවලින් 16,000 පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මීට පෙර කැරිබියන් දූපත් ආශ්‍රිතව ගිනිකදු පිපිරීමක් වාර්තාවුණේ 1902 වර්ෂයේ දීයි. එම පිපිරීමෙන් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

The post කැරිබියන් දූපත් ආශ්‍රිත සුෆියෙරා ගිනිකන්ද පුපුරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG