Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජය කිසි විටෙකත් ප්‍රමිතියකින් තොර පොහොර ගොවීන්ට ලබා දී නැහැ  

Add comments

රජය කිසි විටෙකත් ප්‍රමිතියකින් තොර පොහොර ගොවීන්ට ලබා දී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය යහපාලන රජය සමයේ පාවිච්චියට නොසුදුසු පොහොර ගෙන්වා ඇති බවත් 2020 පෙබරවාරි මාසයේ විගණකාධිපතිවරයා ලබා දුන් වාර්තාවකින් මේ පිළබඳව හෙළි වි ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රමිතියකින් තොර පොහොර කිසිවිටෙකත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, පොහොර පරීක්ෂා කිරීමේ කට්ටල ඇතුළු උපකරණ ගෙන්වා ඇති බවත් කිසිම ගොවියෙකුට ප්‍රමිතියෙන් තොර පොහොර ලබා නොදෙන බවද සඳහන් කළේය.

The post රජය කිසි විටෙකත් ප්‍රමිතියකින් තොර පොහොර ගොවීන්ට ලබා දී නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG