Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකා සෙබලුන් ඉවත් කර ගැනීම සැප්තැම්බරයේ  

Add comments

ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා යුද සෙබලුන් සියලු දෙනා සැප්තැම්බර් 11 වනදා වන විට ඉවත් කර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා.

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන කාලය තුළ ගිය වසරේ දී සියලු ඇමෙරිකා සෙබලුන් ඉවත් කිරීමට සැලසුම් කර තිබුණද එය ක්‍රියාත්මක වූයේ නැහැ. 2001 වසරේ ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ විසිවන සැමරුමට සමගාමීව සැප්තැම්බර් 11 වනදා මෙම ඉවත්කර ගැනීම සිදුවනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මීට පෙර මැයි පළමුවනදා සෙබලුන් ඉවත්කර ගන්නා බව ප්‍රකාශ කර තිබුණද එය ක්‍රියාත්මක කිරීම අපහසු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඇමෙරිකා සෙබලුන්ගේ ඉවත්වීමට පෙර ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. ඇමෙරිකා හමුදා සෙබලුන්ගේ ඉවත්වීමත් සමඟ තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය නැවතත් ඇෆ්ගනිස්ථානය තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනු ඇති බවටයි විචාරකයින් සඳහන් කරන්නේ.

 

The post ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකා සෙබලුන් ඉවත් කර ගැනීම සැප්තැම්බරයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG