කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ පවුල් සදහා අලුත් අවුරුදු සමයේදී රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. කාණ්ඩ 7 ක් යටතේ මෙම දීමනාව සදහා ප්‍රතිලාභීන් තෝරාගෙන තිබෙනවා. රුපියල් පන්දහස අද දිනයේ ද ලබාගැනීමට නොහැකි වන අයට ලබන 15 වනදා ඒ සදහා අවස්ථාව හිමි වන බවයි සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ.
ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් හදුනා ගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වූ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත එම බළකාය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි ක්‍රියාවට නංවා ඇත්තේ. සමෘද්ධි ලාභීන් ,අඩු ආදායම්ලාභීන්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලාභීන් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සදහා එම දීමනාව ලබාදීමට සිදුවනවා.
යටියන්තොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශය තුළ රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සාර්ථකව සිදු කෙරුණා. සමෘද්ධි බැංකු මගින් සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් වෙත මෙම මුදල ලබාදීමටයි පියවර ගැණුනේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 47247 ක් සදහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සිදු කෙරුණා. දිස්ත්‍රික්කය තුළ රුපියල් පන්දහසේ දීමනාව ප්‍රදානය පිණිස රුපියල් කෝටි 24 ක් වෙන් කර ඇති බවයි දිසා ලේකම් කේ කරුනාකරන් මහතා පවසන්නේ.
The post 5000 දීමනාව ලබා දීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment