හෙට දවස පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. නවදහසක පමණ පොලිස් බල ඇණියක් පැය 24 පුරා එම මෙහෙයුමට දායක වනවා. වසරේ රිය අනතුරු වැඩිම කාලය මෙය බවයි පොලිසිය පවසන්නේ.
කොවිඩ් අවධානම ගැන අවධානයෙන් අවුරුදු සමරන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. අවසර නොමැතිව කිසිදු උත්සවයක් පැවැත්වීම තහනම්. අන්තර්ජාල සාද ගැනද පොලිසිය අවධානයෙන්.
මත්ද්‍රව්‍ය වැටලීම් ද අඛණ්ඩවම ක්‍රියාත්මකයි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබදවද තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.
The post හෙට දවස පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment