Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළු ජාතිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය හා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා හිදී කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය හා පොලිස් ප්‍රධානියෙකු ඉල්ලා අස්වුවත් ද උද්ඝෝෂණ ව්‍යාපාර අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කිම් පොටර් නමැති පොලිස් නිලධාරිනිය හා කිම් ගැනන් නමැති පොලිස් ප්‍රධානියායි මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ.

කළු ජාතිකයෙකු පැද වූ මෝටර් රථයක් නවතා ඔහු පරික්‍ෂා කිරීමේදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. ඝාතනය සිදු කළ පොලිස් නිලධාරිනිය සදහන් කළේ තමන්ට වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී මරණය සිදු වූ බවයි. කෙසේ වෙතත් 3 වන දිනටත් බිහිසුණු උද්ඝෝෂණ ව්‍යාපාර ගණනාවක් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වනවා.

ඇතැම් උද්ඝෝෂකයන් බෘෘ ක්ලීන් පොලිස් මුලස්ථානයට ගල් මුගුරුවලින් පහර දෙමින් සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. උද්ඝෝෂණ පාලනය කිරීම සදහා කදුළු ගෑස්, රබර් උණ්ඩ පොලීසිය භාවිත කරමින් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් 60 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඇමෙරිකා මාධ්‍ය සදහන් කළේ. සිද්ධියට සම්බන්ධ වීඩියෝවක් ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.

 

The post කළු ජාතිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය හා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG