Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් ඇති බව හෙළි වෙයි  

Add comments

කොරෝනා වෛරසයට එරෙහි ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් ඇති බවට යුරෝපා ඖෂධ ඒජන්සිය නිවේදනය කරනවා.

එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් ඉතාමත් සුළු පිරිසකට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි එම ඒජන්සිය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව හා සැලකීමේදී ලේ කැටි ගැසීමක් ඇති වීම ඉතාමත් අවම මට්ටමක පවතින බව යුරෝපා ඖෂධ ඒජන්සිය තවදුරටත් සදහන් කරනවා.

කුඩා ලේ කැටි ගැසීමක්, උපත් පාලනයට භාවිත කරන ඖෂධ තුළින් ද ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එන්නත භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ හා සැසදීමේදී අවදානම ඉතාමත් අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිවේදනය කරනවා.

එන්නත ලබා ගැනීමෙන් පසු ලේ කැටි ගැසීම් පිළිබද වාර්තා වීමත් සමගම යුරෝපයේ රටවල් රැසක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිත කිරිම අත්හිටුවනු ලැබුවා. කෙසේ වුව ද බ්‍රිතාන්‍ය හා යුරෝපයේ රටවල් රැසක මිලියන ගණනක් ජනතාවට මේ වන විටත් එන්නත ලබා දී අවසන්.

 

 

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG