ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6 .7 ක ප්‍රබලත්වයකින් යුතු බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. භූ කම්පනයෙන් නිවාස , පාසල් හා රජයේ කාර්යාල ඇතුලු ගොඩනැගිලි සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. ආපදාවට පත් පිරිස් සඳහා සහන මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. පසුගිය මාසයේදී ඉන්දුනීසියාවට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් එරට ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතකයි මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ.
The post ජාවා දූපත් ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.
Post a Comment