Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම ගැටුමකින් අවසන් වෙයි  

Add comments

පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම ගැටුමකින් අවසන් වුණා. විරෝධතා මධ්‍යයේ සභාපතිට පලායන්නත් සිදු වූ බවයි අපට වාර්තා වුණේ.

පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භ වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් පැමිණ විරෝධය පල කළේ තමන් නැතිව රැස්වීම පැවැත්වීම හෙළා දකින බව පවසමින්. ඒ සමග රැස්වීම අතරමග නතර කිරීමට සිදු වුණා. විරෝධය පල කළ  මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණ කමිටු සභාපතිට එරෙහිව පාදුක්ක ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය අභියස උද්ඝෝෂණයක ද නිරත වුණා. එම ස්ථානයෙන් පිටව යමින් සිටි සභාපති ජගත් කුමාර මහතාට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වූ අතර විරෝධතා මධ්‍යයේ ඔහු පොලිස් රැකවරණ මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගියා.

 

 

 

The post පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම ගැටුමකින් අවසන් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG