Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔලිම්පික් තරඟාවලියට තම රට සහභාගි නොවන බව උතුරු කොරියා ක්‍රීඩා ඇමති කියයි  

Add comments

ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට තම රට සහභාගි නොවන බව උතුරු කොරියාවේ ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි උතුරු කොරියාව නිවේදනය කර ඇත්තේ. එරට ඔලිම්පික් කමිටුව පසුගියදා රැස්වී ඉදිරි ඔලිම්පික් තරගාවලිය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාවේ ප්‍රතිඵල උතුරු කොරියාවේ රාජ්‍ය වෙබ් අඩවියක පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔලිම්පික් තරගාවලියට උතුරු කොරියාව සහභාගි වීම ඔස්සේ දෙරට අතර සහයෝගිතා වර්ධනය කර ගැනීමට දකුණු කොරියාව අපේක්ෂාවෙන් සිටියද එම වැඩපිළිවෙළද මෙම තත්ත්වය හමුවේ කඩා කප්පල්වීමේ අවධානමක් මතුව තිබෙනවා.

 

 

 

 

The post ඔලිම්පික් තරඟාවලියට තම රට සහභාගි නොවන බව උතුරු කොරියා ක්‍රීඩා ඇමති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG