Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පිලිප් කුමරුට අවසන් ගෞරව  

Add comments

බි‍්‍රතාන්‍යයේ පිලිප් කුමරුගේ අභාවය සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය ශෝකය පළකළා. බි‍්‍රතාන්‍ය වැසියන් ද ශෝකය පළකිරීම සඳහා එක්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කළේ.

බකිම්හැම් මාළිගය ඇතුලු බි‍්‍රතාන්‍යයේ සියලු ස්ථානවල ජාතික ධජය අඩකුඹු කිරීමට පියවර ගෙන තිබෙනවා.

වින්ඩ්සර් කාසල් මාළිගය අවට දහස් සංඛ්‍යාත බි‍්‍රතාන්‍ය වැසියන් පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටින බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් දෙවන එළසබෙත් රැජිණ දින 8 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. සියලු රාජකීය හමුවීම් ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

The post බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පිලිප් කුමරුට අවසන් ගෞරව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG