Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කරන්න – එක්සත් ජාතීන්ගේ මියන්මාර විශේෂ නියෝජිත  

Add comments

මියන්මාරයේ යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මියන්මාර විශේෂ නියෝජිත යාව් මෝටුන් ඉල්ලා සිටිනවා.

මියන්මාර හමුදා සහ විරෝධතාකරුවන් අතර ඊයේ රාත්‍රියේ සිදුවූ ගැටුම්වලින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි මියන්මාර වාර්තා පෙන්වා දෙන්නේ. දිනෙන් දින ඉහළ යන පුද්ගල මරණ සහ මිලේච්ඡ ක්‍රියා පාලනය කිරීමට යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කිරීම වඩාත් සුදුසු පියවරක් ලෙසයි එක්සත් ජාතීන්ගේ මියන්මාර නියෝජිතවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මියන්මාරයට සම්බාධක පැනවිය යුතු බවට ඔහු අවධාරණය කරනවා. හමුදා පාලනය මගින් සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදුවන බවද ඔහු පවසනවා.  හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අල්ලාගෙන මේ වනවිට මාස දෙකක් ඉක්මවා ගියද අත්අඩංගුවට පත් මියන්මාර නායිකා අවුන්සාන් සුචි ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයින් තවමත් හමුදා අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.

 

 

The post මියන්මාරයේ යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කරන්න – එක්සත් ජාතීන්ගේ මියන්මාර විශේෂ නියෝජිත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG