Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂ නායක සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක්  

Add comments

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද (27) සිදුවුණා.

යුරෝපා සංගමයේ තානාපතිවරයා සහ ප්‍රංශ ඉතාලි,  ජර්මන්,  රුමේනියා යන රටවල තානාපතිවරුනුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණේ. මෙම හමුව විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කෙරුණා.

රටේ පවත්නා කොරෝනා ව්‍යවසනය පිළිබද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ. ආචාර්ය හර්ෂ ද සිල්වා,  ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම සාකච්ඡාව රටට අගයක් එකතු කළා මිස ඉන් හානියක් සිදුවී නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

 

 

 

 

 

The post විපක්ෂ නායක සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG