කැරබියන් දූපත් ආශ්‍රිතව පිහිටි ලා සොෆ්රියර් ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා.
ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එහි අවට වාසය කළ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මේ වන විටත් ගිනි කන්දෙන් ලාවා සහ දුම් පිටවීම ආරම්භ වී ඇති බවයි පැවසෙන්නේ.
ලා සොෆ්රියර් ගිනි කන්ද පුපුරා යාමේ අවධානම් මට්ටමකට ලගා වී ඇති බවද පැවසෙනවා.
කැරබියන් දූපත් ආශ්‍රිතව ගිනි කදු පුපුරා යාමක් මුලින්ම වාර්තා වුනේ 1902 වර්ෂයේදී. එහිදි පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.
The post ලා සොෆ්රියර් ගිනි කන්ද සක්‍රිය වෙයි appeared first on ITN News.
Post a Comment