ඉරාන මුහුදු සීමාවේදී පසුගිය ජනවාරි මාස අත්අඩංගුවට පත් කොරියානු නාවික කපිතාන්වරයා සහ නෞකාව නිදහස් කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.
ඉරාන නෞකාව සමුද්‍රීය නීති කඩකල බවට චෝදනා කරමින් ඉරානයේ හෝමස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාව සහ එහි කපිතාන්වරයා ඉරානය අත්අඩංගුවට ගනු ලැබුවා. නෞකාව අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී එහි කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. ඇමරිකාව ඉරානයට සම්බාධක පැනවීම හේතුවෙන් දකුණු කොරියාවේ ඉරාන බැංකුවල තිබූ අරමුදල් තහනමකට ලක්වුණා.
මේ සම්බන්ධයෙන් ඉරානය සහ දකුණු කොරියාව අතර මාස කිහිපයක් පුරා පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව කපිතාන්වරයා සමග දකුණු කොරියානු නැවද නිදහස් කිරීමට තීරණය කළ බවයි ඉරානය පවසන්නේ.
The post ඉරාන මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් කොරියානු නෞකාව නිදහස් කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment