Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ සරසවි සිසුන් පිරිසක් ශ්‍රී පාදයේ කළ දැවැන්ත සමාජ සත්කාරයක්  

Add comments

විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ ප්‍රවෘත්ති බොහෝ විට වාර්තා වෙන්නේ උද්ඝෝෂණයක් එහෙමත් නැත්නම් පෙලපාලියක් සම්බන්ධවයි. නමුත් පරිසරයට ආදරය කරන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් දැවැන්ත සමාජ සත්කාරයක් ආරම්භ කළා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පිහිටුවාගත් ලියෝස් ඔෆ් ශ්‍රී ලංකා සංවිධානයයි මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක කළේ. කුරුවිට එරත්න මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනාවේ යන පිරිස් භාවිත කරන ප්ලාස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය එම මාර්ගයේ ඇති කසල බදුන්වලට නිරන්තරයෙන් බැහැර කරනවා.

ඒවා ඉහළ සිට පහළට රැගෙන එන තෙක් ගබඩා කර තැබීම සදහා මධ්‍යස්ථානයක් මෙම සිසුන්ගේ කැපවීමෙන් ඉදි කෙරුණා. එය කුරුවිට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය වෙත භාරදී තිබෙනවා. මෙවැනි මධ්‍යස්ථානයක් හැටන් මාර්ගය හා රත්නපුර රජ මාවත ප්‍රදේශයේ ඉදිකිරීමටද ඔවුන් අපේක්ෂා කරනවා.

The post කොළඹ සරසවි සිසුන් පිරිසක් ශ්‍රී පාදයේ කළ දැවැන්ත සමාජ සත්කාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG