විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු දීලා බොහෝ පිරිසකගෙන් මුදල් වංචා කරපු පුද්ගලයින් දෙන්නෙක් විදේශ ගමන් බලපත්‍ර 96 ක් එක්ක අත්අඩංගුවට ගන්න පොලිසිය සමත්වුණා.
ඕස්ට්‍රේලියාවේ රැකියා ලබා දෙන බව පවසමින් බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සම්මුඛ පරික්ෂණ පවත්වා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත බුද්ධික මහතාට ලැබුණු තොරතුරකට අනුවයි.
සැකකරුවන් සන්තකයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 96 ක් පරිගණක යන්ත්‍රයක් හා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.
The post විදෙස් ගමන් බලපත්‍ර 96ක් තබාගෙන සිටි තිදෙනෙකු බණ්ඩාරගමදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment