Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේදී නිරායුද කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

Add comments

ඇමෙරිකාවේ මිනියාපොලිස්,පොලිස් බල ප්‍රදේශයේදී තවත් නිරායුද කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි කළු ජාතිකයෙක්. රථ වාහන පරික්‍ෂා කරන ස්ථානයකදී අදාළ රථය පරික්‍ෂාවට ලක් කරන විට ඇති වූ ගැටුමක් දුර දිග යාම හේතුවෙනුයි ඔහුට පොලීසිය වෙඩි තබා ඇත්තේ. එම කළු ජාතික පුද්ගලයා අධිකරණයේ වරෙන්තු මත සිටි පුද්ගලයෙකු බව පොලීසිය සදහන් කරනවා.

කෙසේ වුව ද සිද්ධියට විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට උද්ඝෝෂණයේ නිරත වනවා. පොලිස් නිල රථවලට පහර දෙමින් ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයන් පලවා හැරීමට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තා.

 

 

 

 

 

The post ඇමරිකාවේදී නිරායුද කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG