ඉරානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී ආරම්භ කිරීමට කටයුතු කෙරුණා.
රාජ්‍යයන් දෙක අතර සෘජු සාකච්ඡාවක් නොවන ආකාරයෙන් මෙය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.2015 වසරේදී ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුම යළි බලගැන්වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සමග මුහුණට මුහුණලා සාකච්ඡා පැවැත්වීමට ඉරාන රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වියානා නගරයේදී මෙලෙස සාකච්ඡා පැවැත්වීම සිදු වනවා. මාස දෙකක් ඇතුළත දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි සම්බන්ධීකරණ කාර්යන් සිදු කෙරෙන යුරෝපා සංගමය සදහන් කළේ.
The post ඉරානය සහ ඇමෙරිකාව අතර න්‍යෂ්ටික ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment