එංගලන්තයේ සෑම පුරවැසියෙකුටම ක්‍ෂණික කෝවිඩ් පරීක්‍ෂාවක් සතියකට දෙවරක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කරන්නේ කෝවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. එසේම කෝවිඩ් රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයන් හඳුනා ගැනීම ද මෙම පරීක්‍ෂාවෙන් අපේක්‍ෂා කරනවා. ඉදිරි වැඩපිළිවෙළට අනුව රටේ ආර්ථික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ද බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ජාත්‍යන්තර ගුවන් ගමන් ද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මහා බ්‍රිතාන්‍ය සැලසුම් කර තිබෙනවා.
The post එංගලන්තයේ සෑම පුරවැසියෙකුටම සතියකට දෙවරක් ක්‍ෂණික කෝවිඩ් පරීක්‍ෂාවක් appeared first on ITN News.
Post a Comment