ප්‍රංශ මහ මැතිවරණය ජුනි මස පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලට මුහුණ පා සිටියද පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීමට සූදානම් නැති බව එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් මැතිවරණ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ප්‍රංශ සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්ව ඇති බවද වාර්තා වනවා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාධිත සංඛ්‍යාව මිලියන 5 කට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
The post ප්‍රංශ මහ මැතිවරණය ජුනි මාසයේ appeared first on ITN News.
Post a Comment