Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහවැලි එල් කලාපයේ සැළලිහිණිගම පිටවාන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි  

Add comments

මහවැලි එල් කලාපයේ බොහෝ ප්‍රදේශවල ජන ජීවිතයට වසර ගණනාවක් පුරා යුද ගැටුම් හේතුවෙන් බලපෑම් එල්ලවී තිබුණා. යුද්දෙන් පස්සෙ ජීවිතය ජය ගන්න උත්සාහ දරණ මේ මිනිසුන්ගේ ජීවිත ශක්තිමත් කරන්න රජය රුපියල් ලක්ෂ පන්දහස් හත්සියයක මුදලක් වෙන්කර තිබෙනවා.

1987 වසරේ ආරම්භ කළ මහවැලි එල් කලාපයේ මේ වනවිට පවුල් 18,671 ක් ජීවත් වනවා. ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර යල කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ටාර දහසක් හා මාස් කන්නයේ කුඹුරු හෙක්ටාර 4,200 ක් වගා කිරීම සිදුවනවා. අතුරු බෝග වගාවට ද ජනතාව එක්ව සිටින අතර වැලිඔය ප්‍ර දේශයේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. පානීය ජලය, වාරි ජල සැපයුම, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදුකිරීමටත් ස්වයං රැකියා සදහා ජනතාව යොමු කිරීම මෙන්ම ජීවනෝපාය නගා සිටුවීමේ වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසන්නේ. දියර කිරි නිෂ්පාදනයට කිරි ගවයින් ලබාදීම, ස්වයං රැකියා සදහා අවශ්‍ය උපකරණ ප්‍රදානය මෙන්ම කෘෂි නිෂ්පාදන අලෙවියට මගපෙන්වීම ද සිදුවන්නේ මහවැලි අධිකාරියේ මගපෙන්වීම යටතේයි. මහවැලි එල් කලාපයේ සැළලිහිණිගම වැව පිටවාන ප්‍රතිසංස්කරණය හා හැලඹවැව කෘෂිමාර්ගය සංවර්ධනය කිරීම ද මීට සමගාමීව ආරම්භ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post මහවැලි එල් කලාපයේ සැළලිහිණිගම පිටවාන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG