Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවනේ දස්කම් පෑ රණවිරුවා මහ මුහුද තරණයෙන් වාර්තාවක් තියයි  

Add comments

ගුවනේ දස්කම් විස්කම් පාපු අපේ රණවිරුවෙකු මහ මුහුද තරණය කරලා නව ආසියා වාර්තාවක් තබන්න සමත් වුණා. ඒ පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර දෙවරක් පිහිනීමෙන්.

තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ බලා පිහිනා යළි ආපසු පැමිණීමට ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමත් වුණා. ඒ සදහා ඔහු ගත කළ කාලය පැය 28 යි විනාඩි 19 ක් හා තත්පර 43 ක්. කිලෝමීටර 59 යි දශම 3 ක දුරක් ඔහු මුහුදේ පිහිනා තිබෙනවා. ඊයේ අලුයම 2 ට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් පිහිනීම ආරම්භ කළ රොෂාන් අබේසුන්දර ආපසු තලෙයිමන්නාරම දක්වා පැමිණියේ අද පෙරවරු 7ට පමණයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මග පෙන්වීම යටතේ මෙම වාර්තාව තැබීමට රොෂාන් අබේසුන්දරට හැකිවුණා. මීට පෙර මෙම දස්කම දක්වා තිබුණේ කුමාර් ආනන්දන් නමැති පිහිනුම්කරුවෙකුයි. 1971 වසරේදී ඔහු පැය 51 කින් ඉන්දියාවට පිහිනා ගොස් නැවත පැමිණ තිබුණා. මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන රොෂාන් අබේසුන්දර මේ වන විට තිස් දෙහැවිරිදි වියේ පසුවනවා. පසුගිය මාර්තු 21 වනදා කිලෝමිටර 49 ක් පැය 23 ක් ඇතුළත මුහුදේ පිහිනා නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් වුණා.

 

 

 

 

The post ගුවනේ දස්කම් පෑ රණවිරුවා මහ මුහුද තරණයෙන් වාර්තාවක් තියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG