උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අර්ථවත් කරමින් රාජාංගනය යාය 18 ප්‍රදේශයේදී මාපිය වන්දනා වැඩසටහනක් පැවැත්වුණා.
පරම්පරා 3 ක දරු දැරියන් එක්රැස් කරමින් මාපියවරුන්ගේ ගුණ ඇගයීමේ වැඩසටහනක් ලෙසයි මෙය සංවිධාන කර තිබුණේ. රාජාංගනය යාය 18 මාලිගාතැන්න පුරාණ රජමහා විහාරස්ථානයේදී එය පැවැත්වුණා. අවුරා ලංකා හර්බල් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය චන්දික විරන්ජිත් තාඹුගල මහතාගේ අදහසකට අනුවයි එය පැවැත්වුණේ. තිරසර හරිත ප්‍රජා මූල සංවිධානය හා විහාරස්ථ දායක සභාව මේ සදහා දායකත්වය ලබා දුන්නා. විහාරාධිපති පූජ්‍ය උඩුදුම්බර වජිර සිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය මල්වානේ විජිතධම්ම ස්වාමීන්වහන්සේයි මාපිය වන්දනා වැඩසටහන මෙහෙයවූයේ.
The post රාජාංගනය යාය 18 ප්‍රදේශයේදී මාපිය වන්දනා වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment