දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස රිය ධාවනය කළ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එහි ගමන් කළ හතර දෙනා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම පිරිස පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස හා අනතුරුදායක ලෙස ධාවනය වූ මෝටර් රථයක දර්ශන සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. තරුණයින් සිව් දෙනෙකු එම මෝටර් රථයේ පැති කවුලු මත වාඩි වී විවිධ ඉරියව් නිරූපනය කරමින් ගමන් කරන අයුරු ද අදාළ දර්ශනවලට ඇතුළත්. මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම වාහනයේ හිමිකරු හා එය ධාවනය කළ රියදුරු පිළිබද තොරතුරු හෙළි කර ගත්තා. ඒ අනුව රථයේ මුල් හිමිකරු ගැලනිගම අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් වුණා. මුල්හිමිකරුගෙන් මෝටර් රථය මිලදී ගත් අකුරන ප්‍රදේශයේ පුද්ගලයා හා මෝටර් රථය පැදවූ රියදුරා මෙන්ම එහි ගමන් කළ තරුණයින් සිව් දෙනාට පොලීසි හමුවේ පෙනී සිටින ලෙසයි පොලීසිය දැනුම් දී තිබුණේ. ඒ අනුව මුල් හිමිකරු රියදුරු හා වාහනය දෙවන වරට මිලදී ගත් පුද්ගලයාගේ පුත්‍රයා පොලීසිය වෙත ඉදිරිපත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෝටර් රථය නිසි පැවරීමකින් තොරව වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමට මුල් හිමිකරු කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විටත් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
The post අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව රිය ධාවනය කළ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.
Post a Comment