Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවයි  

Add comments

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිට වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඊයේ පස්වරු පහේ සිට බල පැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම සිදු කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පවසන්නේ.

තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි ගණනක් අහිමි කළ ඊටීඅයි මූල්‍ය වංචාව ගැන මේ වන විට අධිකරණ කටයුතු සිදුකෙරෙනවා. ඒ අතරතුරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙන්නේ.

ඒ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපදානවලට අනුවයි. මෙම ආයතනයේ හා එහි මව් සමාගම වන ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු පසුගිය වසරේ ජූලි මස 13 වනදා සිට බල පැවැත්වෙන පරිදි අත්හිටුවීමට ද මීට පෙර කටයුතු කෙරුණා. එම අත්හිටුවීම පසුගිය ජනවාරි 12 වනදා දක්වා බල පැවැත්වුණා.

මාස 6 ක් නිම වුව ද මෙම ආයතන යළි යථා තත්ත්වයට පත් කිරීම සදහා නිසි යෝජනාවලියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩවම පසුබෑමකට ලක්වුණා. මෙම කරුණු සැළකිල්ලට ගෙනයි එහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට මහ බැංකුව තීරණය කළේ.

The post ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG