Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙඩි තැබීමකින් කළු ජාතිකයකු මිය යාමේ සිද්ධිය අත්වැරදීමක් බව ඇමෙරිකා පොලීසිය පවසයි  

Add comments

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් ඊයේ කළු ජාතිකයකු මිය යාමේ සිද්ධිය අත්වැරදීමක් බව ඇමෙරිකා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරනවා.

එරට පොලිස් ප්‍රධානී ටිම් ගැනන් පවසන්නේ විදුලි සැර වදින අවිය වෙනුවට වැරදීමකින් ගිනි අවිය භාවිත කිරීම මෙම මරණයට හේතුව බවයි. මින්නියා, බෘෘක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී මෙම වෙඩි තැබීම සිදු වුණා. ඝාතනයට ලක්වූ නිරායුද කළු ජාතිකයා 20 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ. රථ වාහන පරික්‍ෂා කරන ස්ථානයකදී අදාළ රථය පරික්‍ෂා කරන විට ඇති වූ ගැටුමක් දුර දිග යාම හේතුවෙන් ඔහුට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

මොහු අධිකරණයේ වරෙන්තු මත සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කරන්නේ. කෙසේ වුව ද මෙම සිද්ධිය හේතුවෙන් මිනියාපොලිස්,පොලිස් බල ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. එය තවදුරටත් ක්‍රියාත්මකයි. අදාළ වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියාගේ සේවය මෙතෙක් අත්හිටුවා නොමැති අතර ඔහු නිවාඩු යවා තිබෙනවා.

 

 

 

 

The post වෙඩි තැබීමකින් කළු ජාතිකයකු මිය යාමේ සිද්ධිය අත්වැරදීමක් බව ඇමෙරිකා පොලීසිය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG