Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද හමුදාපති යාපනය අර්ධද්වීපයේ සංචාරයක  

Add comments

ජාත්‍යන්තරයේ ඇතැමුන් කරුණු හරිහැටි නොදැන අපේ රටේ රණවිරුවන්ගේ කීර්ති නාමය හානි කරන්න උත්සාහ ගනිමින් සිටින බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යාපනය අර්ධද්වීපයේ විශේෂ සංචාරයකට එක්වෙමිනුයි යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

යාපනය ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීම, මේ වන විට එම ප්‍රදේශයේ කොරෝනා වයිරස් ව්‍යාප්තිය පිළිබඳ කරුණු විමසා බැලීම හා අලුත් අවුරුදු සමයේ පවා රාජකාරියේ නිරතව සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමත් අරමුණු කරගනිමින් යුද හමුදාපතිවරයා මෙම සංචාරයේ නිරත වුණා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවුරුදු සුභාශිංසන ද රණවිරුවන් වෙත පිරිනැමීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා. එමෙන්ම එල්ටීටීඊ ප්‍රහාරයකින් ගෘහ මූලිකයා මිය ගිය පවුලකට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු නව නිවසක්ද ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පවුල වෙත තිළිණ කෙරුණා. එම නිවසට අවශ්‍ය සියලු උපකරණ හා මුදල් ආධාරයක්ද ලබා දීමටයි යුද හමුදාව කටයුතු කළේ.

 

 

 

 

 

 

 

 

The post යුද හමුදාපති යාපනය අර්ධද්වීපයේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG