මත්ද්‍රව්‍ය සහ අපරාධ වැලැක්වීම සදහා මහජනතාවගේ සහයෝගය ලබාගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ත්‍රී රෝද රථ ධාවනයේ යෙදෙන රියදුරන් සහ හිමිකරුවන් දැනුවත් කිරීම සදහා මොරටුව ප්‍රදේශයේ පැවති හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
මහජනතාව අතරින් විශිෂ්ට කණ්ඩායම් තෝරාගෙන ඔවුන් දැනුවත් කර අපරාධ මැඩලීමට වැඩපිළිවෙළක් පොලිසිය සකස්කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මතයි. සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් ත්‍රි රෝද රථ රියදුරන් ඇතුලු මහජනතාව සමග නිතර ගැවසෙන පුද්ගලයන් මේ සදහා තෝරා ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ. බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය හා අපරාධ වැඩි වශයෙන් සිදුවන බැවින් සෑම පොලිස් කොට්ඨාශයකම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. යුද්ධය අවසන් කිරීමෙන් පසු ගතවූ වසර දහයක කාලය තුළ ආරක්ෂාව නිසි පරිදි තහවුරු නොකිරීම නිසා පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් සිදුවූ බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නා.
The post මහජනතාව දැනුවත් කර අපරාධ මැඩලීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment