Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුර මාර්ග කිහිපයක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ  

Add comments

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් තවත් දුෂ්කර ගම්මානයක සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. ඒ රුපියල් කෝටි විසි පහක වියදමින්.

රත් ගග පන්සල හන්දියේ සිට මාපලාව දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

රත් ගඟ ප්‍රදේශයේ පුංචි දඹදිව අනුරුව නිර්මාණය වී ඇති නිසා එය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක්. තේ ආශ්‍රිත කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් මේ ප්‍රදේශයේ ජනතාවට මෙතෙක් පැවති අබලන් මාර්ගය හේතුවෙන් මහත් දුෂ්කරතාවට පත්වුණා.  මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

 

 

 

The post රත්නපුර මාර්ග කිහිපයක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG