Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවාන දුම්රිය අනතුරට වගකිව යුතු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු  

Add comments

ජීවිත 50 කට වැඩි සංඛ්‍යාවක් අහිමි කරමින් තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරට වගකිව යුතු යැයි විශ්වාස කෙරෙන ඉදිකිරීම් සමාගමක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

උමං මාර්ගයක් තුළ දුම්රිය පිලී පැනීමට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිටියා. මිය ගිය අය අතර දුම්රිය රියදුරන් දෙදෙනෙකු ද වනවා. අනතුරෙන් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. අදාළ ඉදිකිරීම් සමාගමේ සැකකාර කළමනාකාරවරයාට අයත් ට්‍රක් රථයක් ඔවුන්ගේ ඉදිකිරීම් ස්ථානයක බෑවුමක සිට උමං මාර්ගයේ අඩක් පසුකරමින් තිබූ දුම්රිය වෙත පෙරළී ගැටීමක් සිදුව තිබෙනවා. ඒ සමගම දුම්රිය පිලී පැනීමට ලක්වුණා. උමං මාර්ගය තුළ සිරවී තිබූ දුම්රිය මැදිරි ආශ්‍රිතව මෙම අනතුර සිදුවූ බවයි තායිලන්ත පොලීසිය පවසන්නේ.

 

 

The post තායිවාන දුම්රිය අනතුරට වගකිව යුතු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG