වතුකම්රුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට 2021 වසරේ අය වැය යෝජනාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් වතු සමාගම් සහ වෘත්තිය සමිති අතර වරින් වර පැවති සාකච්ඡාවලින් අනතුරුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමටයි වැටුප් පරිපාලක සභාව තීරණය කළේ. එසේ වැඩිකළ වැටුප වතුකම්කරුවන්ට ලබා දීම මේ වන විට ක්‍රියාත්මකයි.
ඇත්තටම වතු කම්කරුවන්ට රුපියල් 1000සේ දීමනාව මේ වෙනකොට ලැබමින් පවතිනවා.මේ ගැන විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් ප්‍රණාමය පුද කරන්න ඔන.රටේ ව්‍යසන තත්ත්වයක් තියෙද්දී පවා අපේ වතු කම්කරු ජනතාවට රුපියල් 1000සේ දීමනාව ලබා දෙන්න කටයුතු කිරීම ගැන ඒ සියලු ජනතාව වෙනුවෙන් රජයට ස්තූතිවන්ත වෙනවා. මේ කටයුත්තට නිමල් සිරිපාල ඇමතිතුමා විෂයභාර අමැතිතුමා විදිහට සෘජුව මැදිහත්වීම ගැන අගය කරන්න ඕන.
තමන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම සම්බන්ධයෙන් වතු කම්කරු ජනතාවද වත්මන් රජයට සිය ප්‍රසාදය පළා.
වතුකම්කරු ජනතාව
- “අපේ අතට රුපියල් 1000 ලැබුණා. හරිම සන්තෝෂයි. දැන් දවස ගාණේ අපිට මේ මුදල ලැබෙනවා.”
- “අපිට දෙනවා කිව්ව රුපියල් 1000 ඒ විදිහටම දුන්නා. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් අපි ස්තූතිවන්ත වෙනවා.”
The post වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් සිහිනය සැබෑවෙයි appeared first on ITN News.
Post a Comment