Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ජන්ටිනාවේ වසා දැමීමේ නීති දැඩි කිරීමට පියවර  

Add comments

කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් ඉහළ යාමත් සමඟම ආර්ජන්ටිනාවේ වසා දැමීමේ නීති දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එරට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටත්වන අය සඳහා පමණයි. රාත්‍රී 12 සිට අලුයම 6 දක්වා ඇදිරිනීතියද ක්‍රියාත්මක වන බව එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නැන්ඩස් සඳහන් කරනවා. රාත්‍රී 11 වන විට සියලුම ආපනශාලා හා මත්පැන් අලෙවිසල් වසා දැමීමටයි නියෝග කර ඇත්තේ. පසුගිය දින හතක කාලය ඇතුළත ආසාදිතයින් වාර්තාවීම  53%කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ වනවිට එරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ විසි හතරකට ආසන්න වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස්හත්දහස් තුන්සිය පනහක්.

 

 

 

 

The post ආර්ජන්ටිනාවේ වසා දැමීමේ නීති දැඩි කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG