Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විෂ අඩංගු පොල්තෙල් තොගයක් අද දහවල් ගෙනාපු රටවල්වලටම  

Add comments

විෂ රසායනික ඇති බවට තහවුරු වී ඇති කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් තොග අද (06) දහවල් වන විට ප්‍රතිඅපනයනය කිරීම සදහා නැව්වලට පැටවීමට නියමිත බව වාර්තා වනවා.

අද (06) සවස්වරුව වන විට අදාළ පොල්තෙල් සහිත නැව් පිටත්වීමට නියමිත බවයි නැව් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. මේ අතර අනෙකුත් සමාගම්වල පොල්තෙල් රජයේ මිනුම්කරුවකු යටතේ මිනුම් කිරීමට නියමිත බව රේගුව සදහන් කළා. එම කටයුතු නිම කිරීමෙන් පසු ඉදිරි සති දෙකක කාලය තුළදී තෙල් තොග අපනයනය කිරීමට නියමිත බවයි රේගු ප්‍රකාශකයකු පැවසුවේ.

වෙළදපොලට නිකුත් වී ඇති පිලිකා කාරක අඩංගු ආහාර පිළිබදව තොරතුරු නිකුත් කිරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සදහන් කළා. එවැනි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් පිළිබද තොරතුරු ද හෙළිදරව් කිරීමට නියමිතයි.

 

 

The post විෂ අඩංගු පොල්තෙල් තොගයක් අද දහවල් ගෙනාපු රටවල්වලටම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG