ඩෙංගු වසංගතය ශ්‍රීඝ්‍රයෙන් යළි හිස ඔසවා ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කොරෝනා හේතුවෙන් ඩෙංගු මදුරුවන් කෙරෙහි අවධානය ගිලිහී ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයෙහි ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ ස්ථාන විසි පහකට අධික සංඛ්‍යාවක් සෝදිසියට ලක්කළා. වැඩබිම් දෙකක ඩෙංගු මදුරු කීටයන් සොයා ගැනීමට එහිදී හැකි වුණා. එම වැඩබිම්වල නිසි සෞඛ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම ඊට හේතුවයි.
අදාළ සැකකරුවන් ලබන 29 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.
Post a Comment