Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහාරාෂ්ට ප්‍රාන්තය වසා දමයි  

Add comments

පවතින අවදානම සැළකිල්ලට ගනිමින් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තය අඛන්ඩව වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම දිල්ලි නුවර සියලු පාසැල් සහ අධ්‍යාපන ආයතන ද දින නියමයක් නොමැතිව වසා දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාධිතයින් එක් ලක්ෂ හතලිස් හතරදහස් 829 ක් හදුනා ගැනුනා. ඉන්දියාව ලක්ෂය ඉක්මවූ දෛනික ආසාධිතයින් වාර්තා කළ අඛන්ඩ සිව් වන දිනය මෙය ලෙසයි සැළකෙන්නේ. එය ගෝලීය වසංගතය ආරම්භ වූ දා පටන් ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාධිත සංඛ්‍යාව වනවා.

ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාධිත සංඛ්‍යාව එක් කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති මහාරාෂ්ට ප්‍රාන්තයෙන් පමණක් ඊයේ දිනයේදී නව ආසාධිතයින් පනස් අට දහස් 993 දෙනෙකු හදුනා ගෙන ඇති අතර මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේද සංචරණ සීම ප්‍රකාශයට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

 

The post මහාරාෂ්ට ප්‍රාන්තය වසා දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG