Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ අවදානමට වඩා කොවිඩි අවදානම ඉතා ඉහළයි – WHO  

Add comments

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නතේ අවදානමට වඩා කොවිඩි අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ප්‍රතිලාභයන් දුර්ලභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් පෙන්වා දෙනවා.  ජිනීවා නුවර පැවැති විශේෂ සමුලුවක් අමතමින් ඔහු ‌මේ බව ප්‍රකාශ කළා.

එන්නත්වල ආරක්ෂාව පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තර විමසිල්ලෙන් පසුවන බවයි ඔහු පවසන්නේ. සියලුම එන්නත් සහ ඖෂධවල යම් ප්‍රතිශතයක අතුරු ආබාධ ඇතිවීමේ අවධානමක් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් යුරෝපා ඖෂධ නියාමන ඒජන්සිය, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නිශ්පාදන නියාමන ඒජන්සිය තවදුරටත් අවධාරණය කර ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ප්‍රතිලාභ දුර්ලභ අතුරු අබාධයේ අවදානම ඉක්මවා යන බවයි.

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ අවදානමට වඩා කොවිඩි අවදානම ඉතා ඉහළයි – WHO appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG