Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර පළාතට නව ආයෝජන කලාපයක්  

Add comments

නැගෙනහිර පළාතේ ආර්ථිකය නඟාසිටුවීමට ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ යටතේ එරාවුල් ප්‍රදේශයේ නව ආයෝජන කලාපයක් ආරම්භ කරන්න රජය තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ ආර්ථික හා සාමාජීයය දිගු කාලීන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස එරාවුල් ආයෝජන කලාපය ආරම්භ කිරීමට සැලසුම් කෙරුණා. ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන පහක්. අක්කර 262 කින් යුත් භූමි භාගයක් මේ සදහා හදුනා ගෙන ඇති අතර එරාවුල් රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයේ අභ්‍යන්තර සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  හරහා සිදුවන අතර බාහිර සංවර්ධන කටයුතු හා යටිතල පහසුකම් නගා සිටුවීම සිදු වන්නේ කර්මාන්ත අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්.

මහ පරිමාණ කර්මාන්තශාලා 10 කට වැඩි සංඛ්‍යාවක් මෙහි ආරම්භ කෙරෙන අතර ඍජු රැකියා අවස්ථා 3000 කට වැඩි සංඛ්‍යාවක් ලබාදීම රජයේ අරමුණයි. නවීන යන්ත්‍ර සූත්‍ර වලින් සපිරි පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

The post නැගෙනහිර පළාතට නව ආයෝජන කලාපයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG