ආන්දෝලනයට තුඩුදුන් පිළිකා කාරක ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් ගැන විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මේ අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විමර්ශනවලට පත් කළ බවටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
ආන්දෝලනයට තුඩුදුන් පිළිකාකාරක සහිත පොල්තෙල් පිළිබද ගැටලුව මේ වනවිට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. එම පොල්තෙල් වලට අදාළ ප්‍රමිති සහතික මේ වනවිට නිරීක්ෂණය කෙරෙමින් පවතිනවා.
අදාළ පොල්තෙල් ගෙන්වූ සමාගම්වලින් සහ ඊට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතයි. රේගුවේ දත්ත පිළිබදව විමර්ශනවලදී වැඩි අවධානය යොමු කෙරෙනවා. ප්‍රමිති සහතිකය ලැබෙන තෙක් පොල්තෙල් වෙළෙදපොලට නිකුත්වී තිබේද යන්න පිළිබදව ද මෙම විමර්ශනවලදී සොයා බැලීමට නියමිතයි.
මේ අතර දංකොටුව ප්‍ර දේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක ගාල්කර තිබියදී පිරිපහදු නොකළ ආනයනික පොල්තෙල් බවුසර් දෙක සම්බන්ධයෙන් විමර්ශන ද දැන් ක්‍රියාත්මකයි. ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී මෙම පොල්තෙල්වල පිළිකාකාරක තිබූ බව සනාථ වුණා.
The post විෂ පොල්තෙල් ගැන හොයන්න සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් CID කණ්ඩායමක් appeared first on ITN News.
Post a Comment