Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලි වැලිකන්දේ නිවාස හයකට පහර දෙයි (VIDEO)  

Add comments

වන අලි පහරදීමෙන් වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන දෙකක නිවාස හයකට හානි සිදුවුණා.

වැලිකන්ද සුසිරිගම හා මලින්ද යන ගම්මානවලට කඩාවැදුණු වන අලි මෙසේ නිවාසවලට පහරදී තිබෙනවා. වගාබිම් රැසකට ද හානි සිදුකළා. ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යන බිම්මල් වගාවකට ද වන අලි පහරදී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මහ කන්නයේ වී අස්වනු නෙලා ඒවා ගබඩාකර ඇති ස්ථානවලට මෙසේ වන අලි පැමිණෙමින් සිටිනවා.

මෙම ගම්මානවටා විදුලි වැටක් නොමැතිකම හේතුවෙන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට වන අලින් මෙසේ ගම්වැදීම සාමාන්‍ය සිද්ධියක් වී තිබෙනවා.

The post වන අලි වැලිකන්දේ නිවාස හයකට පහර දෙයි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG