කිරි ගොවීන් ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කිරි අවශ්‍යතාවය සපුරා ලීමේ ඉලක්කගත වැඩසටහන යටතේයි මෙය ක්‍රියාවට නංවා ඇත්තේ. කෘෂිකර්ම අමාත්‍යාංශය මීට දායකත්වය සපයනවා.
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ රුපියල් මිලියන 56 ක උපකරණ බෙදාදීම කැප්පෙටිපොළදී සිදුවුණා. වැලිමඩ, හපුතලේ, ඌව පරණගම, ඇටම්පිටිය ප්‍රදේශවල කිරි ගොවීන් 350 දෙනෙකු සදහායි මෙසේ මූල්‍යාධාර ලබාදීමටයි කටයුතු කෙරුණ්. එක් කිරි ගොවියෙකුට රුපියල් එක්ලක්ෂ හැට දහසක් වටිනා උපකරණ ලබා දීම සිදුවන අතර එමගින් කිරි ගොවීන් ශක්තිමත් කිරීම රජයේ අරමුණයි.
මෙම අවස්ථාවට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ ව්‍යාපාර සංවර්ධන හා ආයතනික සංවර්ධන විශේෂඥ අනුර රූපසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
The post කිරි ගොවීන් ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් appeared first on ITN News.
Post a Comment