මොඩර්නා කෝවිඩ් මර්දන එන්නත අවුරුදු 12 ක් 17 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් සදහා ඵලදායිව ක්‍රියා කරන බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
අවුරුදු 12 ත් 17 ත් වයස් කාණ්ඩයේ පසුවන දරුවන් 3732 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා. ඇමෙරිකාවේ ජෛව තාක්ෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදු කර ඇති බවද සදහන්. මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් දරුවන් තුළින්කිසිදු කෝවිඩ් 19 රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවද වාර්තා වනවා.මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රාවෙන්ම වයිරසයට එරෙහිව සියයට 93 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
The post මොඩර්නා එන්නත අවුරුදු 12 – 17 වයස් කාණ්ඩයේ දරුවන්ට ඵලදායීව ක්‍රියා කරන බව හෙළි වෙයි appeared first on ITN News.
Post a Comment