වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට ජර්මනිය සැළසුම් කර තිබෙනවා.
එරට වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සදහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දීම ආරම්භ කරන බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසනවා.
ලබන මස 7 වනදා සිට මෙම එන්නතකරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවයි ඇය පවසන්නේ.
දරුවන් අදාළ එන්නත ලබා නොගත්ත ද පාසැල් යාමේ කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බව ඇය පවසනවා.
කලාපීය නායකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජර්මන් චාන්සල්වරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
The post වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සදහා කොවිඩ් එන්නත් ලබාදීමට ජර්මනිය සැරසෙයි appeared first on ITN News.
Post a Comment