ඊශ්‍රායල හා පලස්තීන ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කිරීමට සූදානම් වන පරික්‍ෂණයට සහාය පළ නොකරන බව ඊශ්‍රායලය පවසනවා.
ඊශ්‍රායල පලස්තීන ගැටුමෙන් සිදු වූ අපරාධ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනුම් දෙන්නේ. මේ සදහා පලස්තීනයේ හමාස් සංවිධානය සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ත්‍රස්ත කණ්ඩායමක් සමග පැවති ගැටුම සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත අපරාධ සදහා වූ පරික්‍ෂණයේදී තමා කිසිසේත් සහාය නොදක්වන බවයි.
The post UN මානව හිමිකම් කවුන්සිලයේ පරික්‍ෂණයට සහාය පළ නොකරන බව ඊශ්‍රායලය කියයි appeared first on ITN News.
Post a Comment