බෂාර් අල් අසාද් 4 වන වරටත් සිරියාවේ ජනාධිපති ලෙස තේරී පත්ව තිබෙනවා.
බෂාර් අල් අසාද් සියයට 91.1 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගෙන තිබෙනවා. ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස තරග කළ අබ්දුල්ලා සලුයොම් අබ්දුල් සහ මහමුද් අහමඩ් ලබා ගෙන ඇත්තේ 1.5% ක සහ 3.3% ඡන්ද ප්‍රතිශතයක්. 2000 වසරේදී බලයට පැමිණි බෂාර් අල් අසාද් අවුරුදු 21 ක් නොකඩවා බලයේ රැදී සිටිනවා.
මැතිවරණය දූෂිත එකක් බවට සිරියාවේ විපක්ෂය චෝදනා කරනවා. පැවැති මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බවට ඇමරිකාව සහ යුරෝපා රටවල් ද ප්‍රකාශ කරනවා.
The post 4 වන වරටත් සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් appeared first on ITN News.
Post a Comment